Wednesday, April 4, 2012

...ලොව යුග පිළිබද මත විවරණය කිරීම(1)...


   සුභ දවසක් කිව්වා හැමෝටම......
                       මුලින්ම ලියන්නෙ මොකක්ද කියලා කල්පනා කොර කොර උනනේ මේ දවස් ටිකේම..
මෙහෙම කල්පනා කරද්දි මට හිතුනා මට හම්බුන වැදගත් වෙයි කියලා හිතුනු ලිපි ටිකක් හැමෝටම බලාගන්න දැම්මනම් හොදයි කියලා...
        අද එක ලිපියක් දාන්ඩ කියලා හිතුනා ඉතින්..බලන්නකෝ මේකෙ තත්වෙ එහෙම හොදද කියලා..
බලලා කරලා කොමෙන්ට් 1ක් දාලා ගියාට කමක් නෑ හොදේ..
         
                          ඕං එහෙනම් පටාන් ගත්තා... 
                                               
                             හින්දු,ඉස්ලාම්,ක්‍රිස්තියානි යන ආගම් වල පෙන්වා දෙන පරිදි විශ්වය දෙවියෙකු විසින් නිර්මාණය කරන ලද්දකි..හින්දුන්ට අනුව විශ්වයේ නිර්මාතෘ “මහාබ්‍රහ්මයා” ය,ඉස්ලාම් දහමට අනුව නිර්මාතෘවරයා “අල්ලාය “, කිතුනුවන්ට අනුව “යොහෝවං”ය..බයිබලයට හා කුරාණයට අනුව විශ්වයේ ආරම්භය අවුරැදු 5000කට වැඩි නොවේ.නමුත් වෛදක ග්‍රන්ථ වලට අනුව පෘථිවියේ වයස වසර 362,880,000 කට වඩා පැරණිය..ක්‍රි.පු 6වන සියවසේ භාරතයේ පහළ වු ‍මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ මැවුම්කරැවකු ඇතැයි තිබූ මතය මිත්‍යාවක් බවත්,ලෝකයේ මුල නොපෙනෙන බවත් පෙන්වාදුන් සේක.බුද්ධ කාලයේ පහළ වු ජෛන ආගමේද මැවුම්කරැවකු පිළිබදව මතය පිළිනොගත් බව සදහන්ය..

            වෛදික ග්‍රන්ථ වලට අනුව ලෝකයේ යුග හතරකට බෙදා වෙන් කොට ඇත.භගවත් පුරාණයේද ඓතිරීය බ්‍රාහ්මණයේත් මේ ගැන දීර්ඝ විස්තරයක් සදහන්ය..එම යුග 4 මෙහෙමයි...

1.කෘත යුගය
2.ත්‍රෙතා යුගය

3.ද්වාපර යුගය

4.කලියුය    විදිහටයි.....

මෙයින් පළමු යුගය වන කෘත යුගයට වර්ෂ 1,728,000 ක්ද

                                    ත්‍රෙතා යුගයට වර්ෂ 1,296,000 ක්ද

                                    ද්වාපාර යුගයට වර්ෂ 864,000 ක්ද

                        අපි දැන් මේ ඉන්න කලි යුගයට වර්ෂ 432,000 ක්ද වෙන් කොට ඇත... 


දැන් මම හොයා ගත්තු විස්තරේට අනුව ඉස්සෙලම කෘත යුගය ගැන පොඩි විස්තරයක් දාන්නම්.....මේ ගැන මම තාම හොයනවා..මට හම්බවෙච්ච ලිපි වලින් එක ලිපියක් මෙන්න මෙ‍හෙමයි කෘත යුගය ගැන කියලා තිබුනේ....

                        කලිං ශයාතෝ භවති
සංජීවා නස්තු ද්වාපාරං

 උත්තිෂ්ඨ සෙත්‍රාතා කාතංභවති සම්පද්‍යා තේචරං


                        ඓතරීය බ්‍රාහ්මණයෙහි සදහන් ඉහත කී ශ්ලෝකය පවසන විදියට කෘත යුගය කියන්නේ ඉතා උතුම් යුගයක් බවත් එය ඇවිදින යුගය බවත්ය.මහාභාරතයේද මේ ගැන කරැණු දැක්වෙයි..මිනිස්සු රන් භාජනවල බොජුන් ගත් අතර ඉතා දියුණු යහපත් මිනිසුන් බවද ප්‍රකාශ වෙයි. .

අද වගේ අභ්‍යන්තර ගැටුම් වලින් තොර සමාදානයෙන් කටයුතු තළ යුගයකි.කරදරද බොහෝ අඩු විය..ලෝකයේ යහපත සදහා වරින්වර මනුලොවට සම්ප්‍රප්ත වූ මහා විෂ්ණු දෙවියෝ මේ යුගයේද මත්ස්‍ය,කුර්ම,වරාහ,නරසිංහ යන අවතාර ලෙස පහළ වු බව වෛෂ්ණවයෝ කියති.නවීන විද්‍යාවටත්,වාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයටත් එකගව හින්දු ධර්මයේ විෂ්ණු අවතාර දක්වා ඇතැයි කියලා ලිපිය තවදුරටත් සදහන් කරලා තියෙනවා..ජීවින් මුලින්ම ජලයේ පහළ වු බවත් ක්‍රමයෙන් පසුව දිය ලොඩ දෙකේම වාසයට හුරැපුරැදු  සතුන්ද අනතුරැව තිරිසන් සතුන්ද ඉන් පසුව අඩක් මිනිස් හා අඩක් සිවුපා ලක්ෂණ වලින්ද පහළ වු බව ජීව විද්‍යාව කියයි...

            විෂ්ණුගේ පළමු අවතාරය මාළුවෙකි..
                                    දෙවන අවතාරය දිය ගොඩ දෙකේ‍ම විසිය හැකි කුර්මයාය(ඉදිබුවාය)..

                                    තුන්වෙනි අවතාරය ඌරැ අවතාරයකි...

                                    හතර වන අවතාරය “නරසිංහ අවතාරයයි” (අඩක් මිනිස් රැවක්ද අඩක් සිංහ                                                     රෑපයකින්ද යුක්ත)........
                                  
ඔන්න ඔහොම තමයි කෘත යුගය ගැන මං හොයා ගත්තු ටික....



ඔයාලා මේටික කියවලා බලලා කියන්නකෝ මොකද හොදද නරකද කියලා....

ඉස්සරහට වෙනස් වෙනස් දේවල් ගැන ලියලා දාන්න තමයි මගේ අදහස..එක එක දේවල් ගැන හොයහොය යනකොට හම්බුන ලිපි ටිකක් තියෙනවා...එයාලටත් වැදගත් වෙයි කියලා හිතෙන කරැණු ඉදිරියට පළකරන්නම්..

එහෙනම් අදට අවසරයි සමුගන්න

 බොහොම ස්තූතියි..

මගේ බ්ලොග් එකට ආපු ඔයාලාට ජය වේවා...!!!!!

7 comments:

  1. ඇත්තම කියනවනම් මම මේ වගේ දෙයක් තියෙනවා කියලා ඇහුවෙත් අදයි.... හැබැයි ඔය අවතාර කේස් එකනම් ඇහිලා තියෙනවා.. දස අවතාරම් වගේ නමකින් තමා ඒ අවතාර කේස් එක ඇහිලා තියෙන්නේ...

    මේ දැන් ගෙවෙන්නේ කලියුගය වෙන්නැති... අපේ මාමා කෙනෙක් ඔය කතාව කියනවා ඇහිලා තියෙනවා.... ඉක්මන්ට අනික් ටිකත් පල කොරන්ඩෝ....

    ආ මම මේක බුකියේ ෂෙයාර් කරනවා අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා...

    ReplyDelete
    Replies
    1. මොකට අමනාප වෙන්නද...වැදගත් කියලා හිතෙනවානම් ඔයාලගේ කැමැත්තක්....ජය..!

      Delete
  2. මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරන්ඩෝ

    ReplyDelete
  3. අලුත් බ්ලොග් එකේ මුල්ම කමෙන්ටුව නම් දාන්න බැරි වුනා. ඒත් ඔන්න මම තමයි මුලින්ම පස්සෙන් පන්නන කෙනා.
    සුභ පැතුම් යාළුවේ. දිගු කල් දිනේවා. ලස්සන අර්ථවත් ලිපි ලියන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
  4. අර්ථවත් ලිපියක්!
    දිගටම එන්නම්කෝ කියවන්න :)
    සුභ පතනව!

    ReplyDelete
  5. ඔන්න අපිත් මේ පැත්තේ ආවා...මේ ගැන ලාවටද කොහෙද පොත්පත් වලින් කියවලා තියනවා....මේක කියෙව්වම තවත් විස්තර දැනගන්න ආසාවක් ආවා.ඔන්න අපිත් දිගටම මේ පැත්තේ එනවෝ...දිගටම වැදගත් දේවල් ලියන්න ලැබේවා..ජය...!!!

    ReplyDelete
  6. කොමෙන්ට්ස් දාපු මගේ යාලුවන්ට බොහොම ස්තූතියි...මගෙත් අදිෂ්ඨානය වැදගත් වන ලිපි ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරන්නයි..ඔයාලා හැමෝටමත් ජය වේවා..!මේ ලිපියේ ඉතිරි ටික තව ටික දවසකින් දාන්නම් හොදේ....

    ReplyDelete

සුභ දවසක් වේවා..!