Monday, April 9, 2012

ලොව යුග පිළිබද මත විවරණය කිරීම(2)

                        වැල්වටාරම් නැතිව කෙළින්ම ලිපියට ගොඩවෙමු හොදේ...අමනාපයක් නෑනේ...
ආ..ලිපියේ මුල් කොටහ දැක්කෙ නැත්තම් මෙතනින් ගොඩ වුනානම් හොදා ඒ පැත්තට..

ත්‍රෙතා යුගය

මෙම යුගයේදී මහාබ්‍රහ්මයා යාගය ලොවට දුන්නේය..යුගයකින් නව යුගයකට ලොකුම දායාදය නම් යාග කිරීමයි කියල තමා මූලාශ්‍රයන් සදහන් කර ඇත්තේ.විෂ්ණු දෙවියෝ මේ යුගයේදි වාමන,පරිශ්‍රරාම,රාම,චන්ද්‍ර යන අවතාර වලින් පෙනී සිට මහත් වූ වික්‍රමයණ් කළහ..රාමායන කාව්‍යයේ යාගයන්ගේ පළ මහත් විභූතියෙන් යුතුව වර්ණනා කොට ඇත.සූර්ය වංශයට අයත් කකුස්සත,ත්‍රිසංකු,හරිශ්චන්ද්‍ර,මරුදත්ත,සාගර,අංශ්‍රරාම,රඝු,අජ,දශරථ,රාම යන රජුන් මිහිපිට වාසය කළේ ත්‍රෙතා යුගයේදීය..මිනිසුන්ගේ පරම ආයුෂය මෙකළ අවුරුදු 1000 ක් බවත්,මිනිසාගේ උස තුදුස් රියනක් බවත්,ආහාර වැළදුවේ රිදී භාජන වල බවත් මිනිසුන් දාන ධර්ම චර්යාවන්හි යෙදිමින් උග්‍ර තපස් රැකී බවත් භගවත් පුරාණය සදහන් කරයි.එසේම ත්‍රෙතා යුගයේදී මිනිසුන්ගේ පව් කොටස් එකකි.පින් කොටස් 3කි.අපේ වචනෙන් කියනවානම් ඒකාලේ උදවියට ඉහෙන් බහින රෝගයක් තිබුනෙ නැහැලු.මෙම යුගයේ සටන් ගැන දිර්ඝ විස්තරයක් රාමායනයේ සදහන් වෙයි..අවුරුදු 1,296,000 ක් මෙම යුගයට අයත් වී තිබී ඉකුත් වී ඇත..

ඔන්න ඉතින් ත්‍රෙතා යුගය ගැන ඔහොමයි හොදේ...ඹන්න දැන් තමයි මිනිසුන්ගේ පිරිහිම පටන් ගන්නේ..

 
ද්වාපර යුගය

ද්වාපර යුගයේදී මිනුසුන්ගේ පිරිහීම ක්‍රමත්‍රමයෙන් ආරම්භ වේ..ඓතරීය බ්‍රාහ්මණය පෙන්වා ඇක්තේ මෙම යුගය මද ගමනින් යුක්ත වූ බවයි..මිනිසුන් තඹ මෙන් වටිනාකම අඩුකොට හුවා දක්වා ඇත.මේ යුගයට අයත් වසර 864,000 ක් ඉක්ම ගොස් ඇත්තේය...
දැන් මම මේ කියන්ඩ කියලා ලැහැස්ති වෙන්නේ ඔයාලයි මායි ජීවත් වෙන මේ යුගය ගැන හොදේ..අමුතුවෙන් ඉතින් රහ කොරලා කියන්ඩ දේකුත් නෑ නොවැ..එෟකට කාරි නෑ..අන්තිම යුගය ගැනත් බලලාම යමුකෝ..
ඒ තමයි,

කලියුගය

ක්‍රි.පූ.3102 දී ආරම්භ වූ කලියුගයට වර්ෂ 432,000කි.වෛදික මතය අනුව ඉතාම පිරිහුණු යුගය කලියුගයයි.ඒක ඉතින් මගෙත් මතය තමයි..ඔයාලගේ කොහොමද කියලනම් මං දන්නේ නෑ..කොහොම කොහොම හරි මෙම යුගය අවසානයේදී ලෝක විනාසයක් සිදු වේ..එකල්හි ලෝක සංරක්ෂක විෂ්ණු දෙවියෝ කල්කි අවතාරයෙන් පැමිණ ධර්මය පිහිටුවන බව වෛෂවණයෝ කියති.ලෝක විනාශය ගැන බෞද්ධ පොත පතේද සදහන් වේ..බෞද්ධ මතය අනුව අවසාන කල්පය වු මේ කල්පය හෙවත් මහ භද්‍ර කල්පයයි.මිනිසා ආහාර නිපදවිම අතින් පමණක් නොව  නව නිෂ්පාදන සෙවීම අතින්ද මෙම යුගයේදී දියුණුවට පත්වුවද මිනිසා සතුව පැවතියා වු උසස් ගුණධර්ම ක්‍රමක්‍රමයෙන් පිරිහිමට පත්වේ.ඒක ඉතින් පැහැදිළියි නේ...සෑම වෙලාවෙදීම බලාපොරොත්තු රහිත දේ සිදුවන විට පුදුම නොවන ඇතැම් අය”මේ කලියුගයේ හැටි ඉතින් ඔහොමතමා” කියයි..ඇත්තටම ඉතින් මිනිස්සු පිරිහුනාම වෙන්නේ මොනවද කියලා තමන් වත් දන්නෙ නෑනොවැ ඉතින්...!මං හරිය....?
            තව තවත් පුරාණ ග්‍රන්ථ වල සදහන් වෙන්නේ ඉතා පිරිහුණු යුගය කලියුගය හෙවත් ඔබත් මාත් ජීවත් වන මෙම යුගයයි....

හම්....! ඕං යුග හතර ගැනම දන්න දන්න තරමින් කිව්වා හොදේ...දැන් ඉතින් ඔයාලගේ ගුණ දොස් තමා බලාපොරොත්තුව... මේ පොඩි කොල්ලගේ මේ පොඩි ලිපිය හොදයිද නරකයිද කියලා කියවලා බලලා කොමෙන්ට් එකක් දාලා යන්ඩකෝ එහෙනම්....අඩුපාඩුකම් හෙම තිබ්බොත් ඒවත් කියන්ඩ හොදේ...

             ....එහෙනම් ඉතින් තවත් ලිපියක් ඇරන් ඔබ හමුවට එනකම් අවසරයි සමුගන්නට....
                     වෙනද වගේම...මගේ බ්ලොග් එකට ආපු ඔයාලාට ජය වේවා...!!!!!
 


1 comment:

  1. හුටා මේ නොකියා කියන්නේ ලෝකේ විනාසේ එනවා ෂුවර් කියලද....??? තව අවුරුදු කීයක් මේ කලියුගේ ගෙවෙන්න තියේද කියන්න බැයිද

    ReplyDelete

සුභ දවසක් වේවා..!